ලංකා ලුණු සමාගමේ වෘත්තීය සමිති පහක සේවකයින් වැඩ වර්ජනයක් (ඡායාරූප)

ඉල්ලීම් පහක් මුල්කරගනිමින් හම්බන්තොට, ලංකා ලුණු සමාගමේ වෘත්තීය සමිති පහක සියලු සේවකයින් අද (05) දින වැඩ වර්ජනයක නිරත වුණා.

වැඩ වර්ජනයේ නියතු සේවකයින්ගේ ඉල්ලීම් වන්නේ,

  • 2023 වර්ෂය සඳහා එක සේවකයෙකු හට ප්‍රසාද දීමනාව ලෙස රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීමට යෝජනා කර තිබීම.
  • මීට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමතකර තිබෙන මෙට්ට්‍රික් ටොන් එකක් සඳහා වූ රුපියල් 1,000ක නිෂ්පාදන දිරි දීමනාවෙන් ගෙවීමට ඇතිව තිබෙන මුදල් ලබා ගැනීම.
  • 2024 වර්ෂයට අදාලව රජය විසින් අයවැය තුළින් යෝජනා කර තිබෙන රුපියල් 10,000ක ජිවන වියදම් දීමනාව ලබා ගැනීම.
  • වැටුප් දීමනාවක් ලෙස ගෙවන රුපියල් 10,000ක දීමනාවෙන් රුපියල් 5,000ක් මුලික වැටුපට එකතු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම.
  • රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමත බදවා ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යන යෝජනා යි.

මෙසේ වැඩ වර්ජනයේ නිරත වූ සේවකයින් පවසා සිටින්නේ, තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි පිළිතුරක් ලබාදෙන තුරු අඛණ්ඩව මෙම වෘත්තීය සමිති ක්‍රියාදාමය සිදු කරගෙන යනු ලබන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ලුණු සමාගමේ ඒකාබද්ද වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති දිනුක චමාර කියා සිටියේ,

”අපි මෙම ඉල්ලීම පහ 2023 නොවැම්බර් මස 20 සිට පාලන අධිකාරියත් සමඟ ලිඛිතව සිදු කිරීමට කටයුතු කළා. එම ඉල්ලීම් නොසලකා හැරීම නිසා අකුරට වැඩ කිරීමේ ක්‍රියාදාමයක් පසුගිය දින තුළ ක්‍රියාත්මක කළා. අපි එවිට හෝ සාධනීය පිළිතුරක් ලබාදේවී කියල බලාපොරොත්තු වුනත් ඒ සඳහා ද නිසි පිළිතුරක් ලබා නොදුන් නිසා තමයි බලධාරීන් සියලු දෙනාට දැනුම් දීලා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළේ. අඛණ්ඩව වසර තුනක් මෙම ආයතනය ලාබ උපයලා තියෙනවා එම ලාබ උපයන්නේ මෙම සේවකයින්ගේ ශ්‍රම දායකත්වය හා කැපවීම නිසා. එමෙන්ම ස්ථිර සේවකයින් 900ක් පමණ ඉන්නවා වාර්ෂික පදනම මත සේවය කරන සේවකයින් 800ක් ඉන්නවා ඒ සියලු සේවකයින්ද මෙම වර්ජනයට එක්වෙලා ඉන්නවා”

කෙසේ නමුත් මෙම වර්ජනයට තුඩු දී ඇති ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලංකා ලුණු සමාගමේ සාමන්‍ය අධිකාරී ආර්.එම්.ගුණරත්නගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ,

“සභාපති තුමන් ඇතුළු කළමනාකාරිත්වය මඟින් සාකච්ඡා කරමින් යනවා සේවකයින්ට ලබාදිය හැකි සහන මොනවද යන්න සභාපති තුමන් දන්වා සිටියා අවම වශයෙන් සේවකයින් ඉල්ලා සිටින ප්‍රසාධ දීමනාව ගැන දන්වන්න කියල එය අපි ලිඛිතව දැන්වීමට කටයුතු කරමින් ඉන්න බවයි.

2024.02.05 Lewaya 1 scaled
2024.02.05 Lewaya 3 scaled
2024.02.05 Dinuka Chamara scaled
2024.02.05 Lewaya 2 scaled
2024.02.05 Lewaya 8 scaled
2024.02.05 Gunarathne scaled
2024.02.05 Lewaya 4 scaled
2024.02.05 Lewaya 5 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17