ලංකාවේ ක්‍රිකට්වලට කරන්න යන දේ ගැන ඉඟියක්

තම වසර 3ක ධූර කාලය තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉහළටම රැගෙන යෑම සිය අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි පවසනවා.

සිය ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් කිසි සමාලෝචනයක් සිදු කළ යුතුයි.” යනුවෙන් ටොම් මූඩි සදහන් කළා.

“ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ජාත්‍යන්තරයේ මා ලබා සිටින විවිධ අත්දැකීම් සමඟ ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට යම් කාලයක් ගතවෙයි. නමුත් ක්‍රිකට් කමිටුවේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මම හොඳ සූදානමකින් සිටිනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා සදහන් කළේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ටොම් මූඩි පත් කිරීමත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළිත් කීර්තිමත් කාලයක් කරා පැමිණෙනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19