ලංකාවට වෙලා තියෙන දේ ඕන බූරුවෙක්ට තේරෙන්න සරලව..

ඊයේ දිනයේ සිදු වූ ඇතැම් මිල වැඩි කිරීම් එක්ක මුහුනුපොතේ හරි අපූරු සටහන් අපි දුටුවා.බොහෝ සටහන් වල හාස්‍යයට වඩා අරුතක් ගැබ් වී තිබුනා.මේ සටහන ලියා තිබුනේ කෝසල එදිරිසිංහ.

හරි අපූරු උපහැරන එක්ක තිබ්බ සටහන අපි පහතින් පල කරනවා



එක ගෙදරක් තියෙනවා. මේ ගෙදර අම්ම තාත්තා දුව පුතා දුවගේ සැමියා (බෑනා), ආච්චි ඉන්නවා. මේ ගෙදර සීය කපපු, ඒකාලේ සීයා හොදට වතුර ගත්ත ලිද නඩත්තු නොකර තිබිල ලිදේ බිත්ති කඩන් වැටිලා වතුර හිදෙනවා. දැන් ගෙදර ඉන්න උන්ට බොන්න වතුර නෑ නාන්න වතුර නෑ උයන්න වතුර නෑ මල් ගස් වලට, එලවලු පාත්ති වලට දාන්න වතුර නෑ බල්ල නාවන්න වතුර නෑ
දැන් මොකක්ද කරන්න ඕන? ලිද හාරන එක තමයි කරන්න ඕන..ඒත් වෙන්නේ මේකයි ඉස්සෙල්ලම ගෙදර උන් බල්ලා නාවන එක නවත්තනවා. ඒත් හරියන්නෑ වතුර මදි. නාන එක සීමා කරනවා. ඒත් හරියන්නෑ.. බොන්නවත් වතුර නැති වෙන්න යන්නේ. ඒ පාර එලවලු පාත්ති වලට වතුර දාන එක නවත්තනවා. අන්තිමට කන්න එලවලුත් නෑ දැං..

ඒත් ලිදනම් හාරන්න ක්‍රමයක් කල්පනා කරන්නෑ උඩහ ගෙදර පියදාස නයට තාත්තට උදැල්ලක් දෙනවා. තාත්තා උදැල්ල කෑලි කෑලි කපලා විකුනලා හම්බෙන සල්ලි වලින් බොන්න වතුර කඩෙන් ගේනවා. ලිද හාරන්න හිතන්නෑපහල ගෙදර ගුණපාල පුලු පුලුවන් හැටියට හිතවත්කමට ලිද කපාගන්නකම් කියලා උගේ ලිදෙන් වතුර දෙනවා. ඒත් ගෙදර උන් ලිද නොකපා වෙන බයිලා ගහනවා. ඒ මදිවට අර ගෙදර ඉන්න බෑනා ගුණපාලට කියනවා උබ අපේ පව්ලටම දෙන වතුර මට හොරෙන් දීපං මම උබට ගල් අරක්කු දෙන්නම් එතකොට අනික් උන්ට නැතත් මට නාලා කරලා ඉන්න පුලුවන් කියලඅල්ලපු ගමේ පොලී මුදලාලි බලනවා ගේමක් ගහන්න වෙලාව. මුදලාලි ගෙදර මේස පුටු අරන් වතුර බෝතල් දෙනවා.

මුදලාලිගේ වතුර බෝතල් ටික ගෙදරට එනව මිසක් ලිද හෑරෙන්නෑ. ස්තාවර වතුර සැපයුම් ක්‍රමයක් හැදෙන්නෑ.අල්ලපු ගෙදර ඉන්න ලිං කපන අබරං මාමා කියනවා මම උබලට ලිද කපල දෙන්නම් හැබැයි මම කියන විදිහට නඩත්තු කරපං නැත්නම් මට නිකාන් නිරපරාදේ මහන්සි වෙන්න බෑ කියල. ඒත් අම්ම කැමති නෑ ලිද හාරනවට මොකද තාත්තා ඉතාලි උන්න කාලේ අල්ලපු ගෙදර පීටර් අම්මට දුන්න රෝස මල්, ලියුම්, සැංකුප්පි ටික තාත්තා ඉතාලියෙ ඉදං එද්දි අම්ම ලිදට දැම්ම නිසා ඒක මතු වෙන්න පුලුවන්.

තාත්තා බයයි ලිද හාරනවට මොකද අම්මට හොරෙන් රේස් ඔට්ටු අල්ලපු කොල ටික ලිදට විසිකරපුවා හොරෙන් බීල විසිකරපු කාලේ අරක්කු බෝතල් මතුවෙන්න පුලුවන් ලිද හාරනකොට. අර බෑනත් කැමති නෑ ලිද හාරනවට මොකද ඌ මාට්ටු වෙන්න ගිහින් විසි කරපු සිම් කාර්ඩ් ටික මාට්ටු උනොත් මූව බින්න බැහැලා පිනට කලා ඉන්න ගෙදරින් පන්නනවා ඉතින් ජාමේ බේරගෙන ප්‍රශ්නෙ විසදන්න තාත්තා උපදෙස් ගන්නවා කසිප්පු සයිමගෙන්. ඌ කුනුවෙන්න ගසලා කටට එන එන එක කියෝනව මේ අස්සේ ආච්චි හිතනවා වේලිච්ච එලවලු පාත්තියේ දඩු වලින් වට්ටි ටිකක් වියලා වැහි වතුර වට්ටියට එකතු කරලා ඒවෑන් බුදුන් වදිනකොට පැන් පූජ කරලා දිවිය ලෝකෙ යන්න..

මේ ගමේ ඉන්නවා ඉස්කෝලේ යන කාලේ ඕලෙවලුත් ෆේල් වෙලා රට රස්සාවකට ගිහින් ඒකත් අනාගෙන දැන් ගමට වෙලා ඉන්න කුමාරයා. පොර මේ ගෙදර වෙන ඒවා බලලා අම්ම තාත්තා කරන දේවල් විවේචනය කර කර ඉන්නවා අරහෙම කලානම් හරි මෙහෙම කලානම් හරි කියලා හැබැයි ඌටත් මේක ගොඩ දාන ක්‍රමයක් ගැන මෙලෝම අදහසක් නැ. ඌ වත්තට ඇවිල්ල ලිද හාරන්නෙත් නෑ හාරන ක්‍රමයක් දන්නෙත් නෑ. අහල ගම් වල් උන් ඌව ගනන් ගන්නෙත් නෑ උගෙ අතීතේ නිසාඉතින් අර දුවයි පුතයි පෝරියල් එක කනවා. ඒත් උන්ට ඒ හැටි ගානක් නෑ.

දුව කල්පනා කරනවා මේ ගෙදරින් එක්කො වතුර තියෙන ගෙදරකට යන්න. නැත්නම් පුලුවං හැටියට වැහි වතුර ටිකක් හරි බොන්න.

පුතා කල්පනා කරනවා අඩේ මේ අපේ ගෙදර වතුර නැත්තේ අල්ලපු ගමේ පොල් ගහේ ලේං කූඩුවක් තියෙන නිසා තමයි වගෙ අදාලම නැති හේතුවක්…

මේ කතාවේ,

සීය කපපු ලිද – සුද්දා මේකෙන් යනකොට අටවලා ගිය කෘශි, නිශ්පාදන සහ අපනයන ආර්තිකය
නඩත්තු නොකරපු ලිද – හැත්තෑ හතර වසරක් බුල ගහපු ආර්තිකය
ලිදේ කඩන් වැටුන බිත්ති- අසාර්තක ප්‍රතිපත්ති, අදූරදර්ශි තීරන, දූශන, වංචා , දුර්වල ආර්තික පරිපාලනය
වතුර- විදේශ විනිමය, අය වැය හිගය
බල්ලා නාවන එක නැවැත්වීම- නිශ්පාදන ක්‍රියාවලියට වක්‍රව හෝ සෘජුව දායක වෙන ආනයන සමගම ආනයන අත්හිටුවීම
එලවලු පාත්තියට දාන වතුර- රසායනික පොහොර, කෘශි ආර්තිකයට බලපාන නිශ්පාදන, ප්‍රවාහන, විකිනුම් සේවා සහ භාන්ඩ
උඩහ ගෙදර පියදාස – ඩොලර් ලෙස ලැබෙන විදේශ ණය
පහල ගෙදර ගුණපාල – විදේශ ශ්‍රමිකයන්, ලාංකීය ජාලගත ශ්‍රමිකයන්, සුලු හා මද්‍ය පරිමාන අපනයන කරුවන්
බෑනාගේ ගල් බෝතලේ- හවාලා,උන්ඩියල් දාන, කලු සල්ලි ඩොලර් වලින් සුදු කරන විශේශ වරප්‍රසාදිත ජුන්ඩාව
වටේ ගම් – ජාත්‍යන්තර ප්‍රජාව
අල්ලපු ගමේ පොලී මුදලාලි- ඉන්දීය, චීන කරන්සි ස්වැප්ලිං
කපන අබරං- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
අම්ම තාත්තා- හැත්තෑ හතර වසරක තට්ටු මාරු ක්‍රියාකාරී දේශපාලනය කරපු පක්ශ- විපක්ශ නෝනලා මහත්තේලා
ආච්චි – මේ වෙලාවේ කෝටි ගනන් දීලා පරන වාහන කබල් ගන්න පකිස් ඩොංකිලා
කසිප්පු සයිමා – ගොබ්බ උපදෙස් දෙන උපදේශන සභාව
කුමාරයා – ඔව් ඔව් ඌ සහ සෙට් එක තමා
දුව – ඔලුවක් ඇති මහජනතාව
පුතා – මේක කියෝලවත් තාම තේරුන්නැත්නම් අන්න ඒ වගේ උන් තමා ඒ එහෙම උන් තමා තාම වැඩි

✍🏻කෝසල එදිරිසිංහ

image 5
  1. ඒ උනාට එකෙක් ඉන්නව උට තේරෙන්නෙ නෑ ලන්කාවට වෙලා තියෙන දේ ඌ පොලවෙ පස් කනව ඌ තමයි හොදටම කලේ කියල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44