ලංකාවට කොරියාවේ රැකියා කෝටාව අහිමි වෙයි?

සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකිකයන් කොරියාවේ රැකියා සඳහා නොයැවීමෙන් එම රැකියා කෝටාව අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

”2020/21 සඳහා තරග විභාගය පැවැත්වුයේ නෑ. විශේෂයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශය, රජය, ඒකට මැදිහත් වෙන්න ඕනේ තියෙනවා. අපි දන්නවා දරුවෝ මේ තරග විභාගයට මැදිහත් වෙන්නේ බොහෝ දරුවන් තරුණයින් විවිධ පළාත්වල වෙනම ඒ වෙනුවෙන් පන්තිවලට පවා සහභාගී වෙනවා. කොරියන් භාෂා පන්තිවලට.” යැයිද  සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ “නමුත් එහෙම ගියපු අද මේ සඳහා සුදුසුකම් ලබපු 5,000කට වැඩි පිරිසක් ඉන්නවා තාම ඒ රැකියා සඳහා අවස්ථාව නොලැබ්ච්ච. ඉන් 1,700 කට පමණ දැනටමත් අවශ්‍යය සියලු ලේඛන ලැබිලා අවසරයන් ලැබිලා තියෙනවා. නමුත් රජය මැදිහත්වෙලා ඒ අය යවන්නේ නැති ප්‍රශ්නයක් නිසා ඔවුන්ට වෙනත් රැකියාවක් හොයා ගන්නත් බැරි බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා”

කොරියානු තානාපතිගෙන් පොරොන්දුවක්

කෙසේ වෙතත් ඊයේ(16) ශ්‍රි ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකාච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රි ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මණින් සපයන බව ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිවරයා විදේශ අමාත්‍යවරයාට සහතික වී තිබෙනවා.

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්‍රමාදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සඳහන් කර තිබුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39