රෝහල් ගතව ප්‍රතිකාර ලබන පාප් වහන්සේගේ ඡායාරූපයක් මුල්වරට මාධ්‍යයට

රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඇති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් වතිකානය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 14 වන දින පාප් වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු නිකුත් කරන ලද උන් වහන්සේගේ පළමු ඡායාරූපය මෙයයි.

අද උදෑසන දිව්‍ය සත්ප්‍රසාදය සැමරීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යාච්ඤාවේ යෙදී සිටින ඡායාරූපයක් මෙලෙස ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

GmLoebuX0AE7ILd