“රොඳ බඳිමු – පන්නමු” – ඉතිහාස ගතවන ජුලි 09 විරෝධතාව අදයි

රට තුළ පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය අර්බුදවලට විසඳුම් සෙවීම සහ වත්මන් ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් රට පුරා සිටින ජනතාව වීදි බැසීමට අද (09) දිනයේ තීරණය කර තිබෙනවා.

”රොඳ බඳිමු – පන්නමු” යන තේමා පාඨය මුල් කර ගනිමින් නන් දෙසින් ජනතාව අද (09) දිනය තුළ කොළඹට පැමිණීමට නියමිත අතර එසේ පැමිණීමට හැකියාවක් නොමැති ජනතාව තමන් ජීවත්වන ප්‍රදේශයන්වල සිට මෙම විරෝධතාවයට එක්වීමට නියමිතයි.

අද (09) දින පැවැත්වෙන මෙම විරෝධතාවයේ පළමු වෙඩිල්ල ඊයේ (08) දිනයේ දී පත්තු කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැවැන්ත විරෝධතා පා ගමනකින් කැලණිය සරසවිට අසල සිට කොළඹට පැමිණියා.

එහිදී කොටුව බැංකු මාවත ප්‍රදේශයේ දී පොලිසිය හා යුද හමුදාව එක්ව අරගලකරුවන් විසුරුවා හැරීමට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර ඒ සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් එහිදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අරගලකරුවන් තීරණය කළේ විසිර නොයා කොළඹ නගරය තුළ ම රැය පහන් කිරිමටයි.

කෙසේවෙතත් මෙවැනි තත්ත්වයක් තුළ ඊයේ (08) රාත්‍රියේ සිට කොළඹ දකුණ, කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම, ගල්කිස්ස, නුගේගොඩ, මීගමුව ආදී ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවා.

කෙසේ වෙතත් එම ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ආණ්ඩුවට සහ පොලිසියට චෝදනා එල්ල කළ අතර ඒ අනුව අද (09) උදෑසන 8.00ට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරගත්තා.

මෙවැනි තත්ත්වයක් තුළ මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසකින් මහජනයා කොළඹ නගරයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14