රෙගේ ගායක බොබ් මාලේගේ මුණුපුරා ජීවිතක්ෂයට

ජනප්‍රිය රෙගේ ගායක බොබ් මාලේගේ (Bob Marley) මුනුපුරා සහ ග්‍රැමී සම්මානලාභී සංගීතවේදී ස්ටීවන් මාලේගේ පුත් ජෝසප් ජෝ මර්සා මාර්ලි (Jo Mersa Marley) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහු 31 වන වියෙහි පසු වුණා.

සිරුර ඔහුගේ වාහනයේ තිබී හමු වී ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එමෙන්ම ඔහුගේ සමීපතමයින් මෙම මරණය සම්බන්ධයෙන් මෙතක් අදහස් දැක්වීමක් ද සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම මරණයට හේතුව ඇදුම රෝගයක් බව තහවුරු වී ඇතැයි ඇතැම් වාර්තාවල සඳහන්.

Jo Mersa Marley ඔහුගේ මුල් ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ජැමෙයිකාවේ වන අතර පසුව ඔහු උසස් අධ්‍යාපනය වෙනුවෙන් ෆ්ලොරිඩාවට පැමිණ තිබුණා.

සංගීතඥ ස්ටීවන් මාර්ලිගේ පුත් ජෝ මර්සා 1991 දී ජැමෙයිකාවේ උපත ලැබූ අතර ඔහුට වයස අවුරුදු 11 දී ෆ්ලොරිඩාවේ මියාමි වෙත සංක්‍රමණය වුණා.

ඔහු සංගීතය පසුපස යමින් තම පියාගේ සහ සීයාගේ අඩිපාරේ ගොස් ඔහුගේ පළමු ගීතය වන My Girl, ඔහුගේ ඥාති සොහොයුරා වන Daniel Bambaata Marley සමඟ 2010 වසරේදීයි නිකුත් කළේ.

මේ අතර, ජැමෙයිකානු අගමැති ඇන්ඩෲ හොල්නස් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අභාවය පිළිබඳ ශෝකය පළකර තිබෙනවා,

මියගිය ජෝ මර්සාට කුඩා දියණියක් ද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34