spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුහුණු විද්‍යාපීඨයේ ගැටුමට සම්බන්ධ වු සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි

රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ පසුගිය සතියේ සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇති අතර ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම සඳහා උපරිම පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ ගැටුමට සම්බන්ධ වු සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීමට පියවර ගත් බව විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර පැවසීය.

ඔවුන් සියලු දෙනා එම විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන විනය පරීක්ෂණයට ද යොමු කිරීමට නියමිතයි. අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?