රුහුණු කුමාරි පිට පනියි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රියක් වන රුහුණු කුමා‍රි පීලි පැනීමකට ලක් ව තිබෙනවා.

අද (31) ප.ව. 3.40ට මරදානෙන් – මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දීයි පීලි පැනීමට ලක්ව ඇත්තේ.

එම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

හෙට (01) දවස ඇතුළත දුම්රිය මාර්ගයේ එක් තීරුවක් පමණක් යළි සැකසිය හැකිවේ යැයි විශ්වාස කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.