රුසියාවේ මගී දුම්රියක් මතට පාලමක් කඩා වැටී දරුණු අනතුරක් (වීඩියෝ)

රුසියාවේ මගී දුම්රියක් මතට පාලමක් කඩා වැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ (31) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, මෙම අනතුරින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යුක්‍රේනයට මායිම්ව ඇති රුසියාවේ බ්‍රයන්ස්ක් කලාපයේ දුම්රිය මාර්ගයකට ඉහළින් ඉදිරිකර තිබූ පාලමක් මෙලෙස දුම්රියක් මතට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පාලම දුම්රිය මතට කඩා වැටෙනවාත් සමඟ දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් අතර දුම්රියේ රියදුරුද සිටින බවයි වාර්තා වුණේ.

මෙම දරුණු අනතුරින් තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින අතර ඉන් එක් දරුවෙකුගේ තත්ත්වය බරපතළ බව බ්‍රයන්ස්ක් කලාපයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බොගොමාස් පැවසුවා.

අනතුරෙන් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා 180 දෙනෙකුගෙන් යුත් මුදවා ගැනීමේ කාර්ය මණ්ඩලයක් යොදවා තිබුණා.

මේ අතර පාලම කඩා වැටීම පිටුපස කිසියම් කඩා කප්පල්කාරී ක්‍රියාවක් ඇත්ද යන්න පිළිබඳව රුසියානු රජය විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34