රුපියල් මිලියන 63ක වංචාවකට බෙල්ජියම් ජාතිකයෙකු අත්අඩංගුවට

පුද්ගලයින් රවටා මිලියන ගණනින් මුදල් වංචා කළ විදෙස් ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙල්ජියම් ජාතිකයෙකු වන මෙම සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී යි.

මෙම සැකකාර විදේශිකයා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා ගෙන ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදු කිරීමට පොරොන්දු වෙමිනුයි මෙම සැකකරු මූල්‍ය වංචාව සිදු කර ඇත්තේ.

ඒ අනුව වංචා කළ මුළු මුදල රුපියල් 63,818,452ක් ලෙසත් වාර්තා වනවා.

ඔහුට අදාළ මුදල් යළි ගෙවීමට නොහැකි වීම, වංචනික අයුරින් පුද්ගලයින් රැවටීම ආදී සාපරාධී චෝදනාවලටයි හෙතෙම අත් අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්