රුපියල් මිලියන 18ක් සමග පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 18ක් සමග පුද්ගලයින් අට දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) පෙරවරුවේ මොවුන් ව අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – තොඩුවාව ප්‍රදේශයේ දියි.

මෙම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බවට වාර්තා වනවා.

පොලිසිය සැක පළ කරන්නේ මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් විය හැකි බවටයි.

මෙම සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.