spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් දස දහසක ණය මුදලට සහෝදරියන් දෙදෙනා ජීවිතයෙන් වන්දි ගෙවලා

රුපියල් දස දහසක ණය මුදලක් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ණයහිමියාගේ සහෝදරියන් දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ පුවතක් ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තා වනවා.

කලකට පෙර ලබාගත් ණය මුදලක් පොරොන්දු වූ දින ආපසු නොගෙවීම හේතුවෙන් පෙරේදා රාත්‍රියේ ණයගැතියා සහ ණයහිමියා අතර බහින්බස්වීමක් ඇතිව තිබෙනවා.

අනතුරුව ණයගැතියා ඊයේ (18) අලුයම ණයහිමියාගේ නිවසට තුවක්කුවක් ද රැගෙන තවත් පිරිසක් සමඟ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ණයහිමියා නිවසෙන් පැනගොස් ඇති අතර, නිවසේ රැඳී ඇත්තේ ඔහුගේ සහෝදරියන් දෙදෙනා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම අවස්ථාවේ සහෝදරියන් දෙදෙනා නිවසින් පිටතට පැමිණ තම සහෝදරයා නිවසේ නොමැති බව පවසනවත් සමඟ ණයගැතියා තමන් රැගෙන ආ ගිනි අවියෙන් එම කාන්තාවන් දෙදෙනාට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම කාන්තාවන් දෙදෙනා රෝහල් ගත කර සුළු මොහොතකින් ජීවිතක්‍ෂයට පත්වූ බවයි දිල්ලි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 සහ 30 යන පසු වූ තරුණියන් දෙදෙනෙක්.

මෙම සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් දිල්ලි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
0
+1
0
+1
12
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?