රුපියල් දස දහසක ණය මුදලට සහෝදරියන් දෙදෙනා ජීවිතයෙන් වන්දි ගෙවලා

රුපියල් දස දහසක ණය මුදලක් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ණයහිමියාගේ සහෝදරියන් දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ පුවතක් ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තා වනවා.

කලකට පෙර ලබාගත් ණය මුදලක් පොරොන්දු වූ දින ආපසු නොගෙවීම හේතුවෙන් පෙරේදා රාත්‍රියේ ණයගැතියා සහ ණයහිමියා අතර බහින්බස්වීමක් ඇතිව තිබෙනවා.

අනතුරුව ණයගැතියා ඊයේ (18) අලුයම ණයහිමියාගේ නිවසට තුවක්කුවක් ද රැගෙන තවත් පිරිසක් සමඟ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ණයහිමියා නිවසෙන් පැනගොස් ඇති අතර, නිවසේ රැඳී ඇත්තේ ඔහුගේ සහෝදරියන් දෙදෙනා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම අවස්ථාවේ සහෝදරියන් දෙදෙනා නිවසින් පිටතට පැමිණ තම සහෝදරයා නිවසේ නොමැති බව පවසනවත් සමඟ ණයගැතියා තමන් රැගෙන ආ ගිනි අවියෙන් එම කාන්තාවන් දෙදෙනාට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම කාන්තාවන් දෙදෙනා රෝහල් ගත කර සුළු මොහොතකින් ජීවිතක්‍ෂයට පත්වූ බවයි දිල්ලි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 සහ 30 යන පසු වූ තරුණියන් දෙදෙනෙක්.

මෙම සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් දිල්ලි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21