රිලවුන් ලබා ගැනීමට චීන සමාගම තවමත් අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබා ගැනීමට චීන සමාගමක් කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ප්‍රදර්ශන කටයුතු සඳහා රිලවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත අපනයනය කරන ලෙස චීන සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර සාකච්ඡා කරමින් සිටින අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය පියවර ගත යුතු බව එහිදී නිරීක්ෂණය වූ බවයි.

රිලවුන් අපනයනයට සූදානම් වන බවට පළවූ වාර්තා හේතුවෙන් පරිසර සංවිධාන කිහිපයක් චෝදනා කළේ එම සත්වයින් චීනයට ආහාර ලෙස අපනයනය කරන බවටයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට ද දැඩි චෝදනා එල්ල වුණා.

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබා ගැනීමට චීන සමාගම තවමත් උනන්දු වන බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව නිලධාරීන් දන්වා ඇති බවයි අමාත්‍ය අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

යෝජිත සැලැස්මට එරෙහිව පරිසරවේදීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කරනු ලැබුවා.

රට මුහුණ දී ඇති මහා පරිමාණ වගා විනාශයට විසඳුමක් ලෙස රිලවුන් අපනයනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවධානය යොමු කර ඇති අතර එය සම්පූර්ණ විසඳුමක් නොව විකල්පයක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05