spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිලවුන් ලබා ගැනීමට චීන සමාගම තවමත් අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබා ගැනීමට චීන සමාගමක් කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ප්‍රදර්ශන කටයුතු සඳහා රිලවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත අපනයනය කරන ලෙස චීන සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර සාකච්ඡා කරමින් සිටින අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය පියවර ගත යුතු බව එහිදී නිරීක්ෂණය වූ බවයි.

රිලවුන් අපනයනයට සූදානම් වන බවට පළවූ වාර්තා හේතුවෙන් පරිසර සංවිධාන කිහිපයක් චෝදනා කළේ එම සත්වයින් චීනයට ආහාර ලෙස අපනයනය කරන බවටයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට ද දැඩි චෝදනා එල්ල වුණා.

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබා ගැනීමට චීන සමාගම තවමත් උනන්දු වන බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව නිලධාරීන් දන්වා ඇති බවයි අමාත්‍ය අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

යෝජිත සැලැස්මට එරෙහිව පරිසරවේදීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කරනු ලැබුවා.

රට මුහුණ දී ඇති මහා පරිමාණ වගා විනාශයට විසඳුමක් ලෙස රිලවුන් අපනයනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවධානය යොමු කර ඇති අතර එය සම්පූර්ණ විසඳුමක් නොව විකල්පයක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?