රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

වාලච්චේන ඕමනියා ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 6ක දරුවකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අපරීක්ෂාකාරීව පිටුපසට ධාවනය කළ ජල බවුසරයක පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අතුරු මාර්ගයේ ධාවනය වූ ජල බවුසරයක් පසුපසට ධාවනය කිරීමේදී පිටුපසින් පැමිණි පා පැදියක ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ පාපැදියේ කුඩා ළමයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් දරුවෙකු බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ජිවිතක්ෂයට පත්වී ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පූනානි ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි දරුවෙක්.

ජල බවුසරය එම ප්‍රදේශයේ පිහිටි ඉදිකිරීම් ආයතනයකට අයත් වන අතර එම ස්ථානයට පැමිණ පිරිසක් රියදුරුට සහ රිය සහායකට පහරදී ජල බවුසරයට ගිනි තබා තිබූ බව සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් අදාළ ආයතනය වෙත ද ගොස් වාහන ඇතුළු දේපළවලට ගිනි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ බවුසරයේ රියදුරා මෙන්ම සහායකයා බීමත්ව සිට ඇතැයි ද චෝදනා එල්ල වනවා.

අත්අඩංගුවට ගත් රියදුරු ‍ගල්ඔය රොටවැව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර රිය සහායක හසලක පදිංචි අවුරුදු 36ක් වයසැති පුද්ගලයක්.

ඔවුන් අනතුර සිදු වූ ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මගින් සිදු කරන වැව් ප්‍රතිසංස්කරණ කටයුත්තකට පැමිණ මාර්ගයේ ඇති දූවිලි පාලනය කිරීම සඳහා බවුසරය මගින් වතුර ඉසිමින් සිටියදී අනතුර සිදුවී තිබෙනවා.

එහිදී බවුසරයට පිටුපසින් මියගිය පිරිමි දරුවා තම වැඩිමහල් සහෝදරයා සමග පාපැදියකින් පැමිණ ඇති අතර බවුසරය පිටුපසට ගමන් කිරීමේදී ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් රියදුරු සහ සහායකයා අද වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14