රියදුරු බලපත්‍ර නිකුත් කිරීමටත් අයහපත් කාලගුණයෙන් බාධා

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වේරහැර ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල වල මාර්ගගක (Online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රිය වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම තත්ත්වය කඩිනමින් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින අතර එතෙක්, මාර්ග අපගත (Offline) දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබන බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්