මින්නේරිය ප්රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය සඳහන් කළේ පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පොළොන්නරුව දෙසට ගමන් කළ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්ගත් දැරියකගේ ගැටී අනතුර සිදුව ඇති බවය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 12 හැවිරිදි ගිරිතලේ ප්රදේශයේ පදිංචි පාසල් දැරියකි.
අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1