‘රිමාල්’ බංග්ලාදේශයට ඇතුළු වෙයි – වක්‍ර බලපෑම ශ්‍රී ලංකාවට තවදුරටත්

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ ‘රිමාල්’ සුළි කුණාටුව බංග්ලාදේශය වෙත ඇතුළු වී තිබෙනවා.

කෙසේ වෙතත් එහි වක්‍ර බලපෑම තවදුරටත් මෙරටට එල්ල කරනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව‍ පෙන්වා දෙන්නේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් අත්තනගලු ඔය, කැළණි, කලු, ගිං සහ නිල්වලා යන ප්‍රධාන ගංගාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ්, හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර ප්‍රකාශ කළා.

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීම නිසා පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව පියවර ගෙන තිබුණා.

ගම්පොළ කුරුඳුවත්ත රාක්ෂාව ප්‍රදේශයේ වතු නිවාස පේළියකට ඊයේ පැවති දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් හානි සිදු වී තිබුණා.

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 25 කට අයත් පුද්ගලයින් 80 දෙනෙකු ප්‍රදේශයේ පාසලේ තාවකාලිකව රැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තවදුරටත් ඉතා තද සුළං සමඟ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
5
+1
1
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38
Video thumbnail
ආණ්ඩුව හොඳයි - මැච් එක ග#න් යනවා..මගේ වාහනේට විතරක් ෆුල් ටෑන්ක් ග#ගෙන මොන මඟුලක් කරන්නද ?
04:10
Video thumbnail
ශ්‍රී මහා බෝධියට මහ සෙනඟක් ඇදෙයි..බැතිමතුන්ගෙන් පන්සල් පිරී ඉතිරෙයි
01:13
Video thumbnail
ශම්මි, ඩඩ්ලි, නාමල්, සජිත් ගැන දුමින්ද එක පෙළට කිව්ව සැර කතාව..විපක්ෂය තනිකරම අඳබාල විපක්ෂයක්
05:55