රිචඩ්සන්ට එක්දින තරගාවලිය අවාසනාවන්ත ලෙස අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන්ට ශ්‍රී ලංකාව සමඟ හෙට ආරම්භවන එක්දින තරගාවලිය අවාසනාවන්ත ලෙස අහිමි වී තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී යන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී ඔහු කලවයේ ආබාධයකට ලක්ව ඇති බවයි ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර නායක ආරොන් ෆින්ච් සඳහන් කළේ.

කෙසේ වෙතත් ආබාධය පිළිබඳව රිචඩ්සන් එම අවස්ථාවේ තමන් දැනුවත් නොකළ බවත් ඒ හේතුවෙන් තරගය නිමවන තෙක් තමන් ඒ පිළිබඳව නොදැන සිටි බවයි ෆින්ච් වැඩිදුරටත් පැවසුවේ.

නිමා වූ තුන්වන විස්සයි විස්ස තරගයේ දී කේන් රිචඩ්සන් යවනු ලැබුවේ පන්දුවාර 02යි පන්දු 05ක් පමණක් වන අතර එහිදී ඔහු ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ දැඩි ප්‍රහාරයකට ලක් වුණා.

මෙම ආබාධය හේතුවෙන් රිචඩ්සන් යළිත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහුගේ ආබාධය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.

මේ අතර දෙරට අතර පවතී පළමු 20-20 තරගයේ දී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ට ද එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ගිලිහී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21