රාවණා ඇල්ල මාර්ගයේ දී අධි සුඛෝපභෝගී බස් රියක් අනතුරකට ලක් වෙයි

බදුල්ල සිට මාකුඹුර දක්වා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපබෝගී බස් රථයක් අද (04) පෙරවරුවේ රිය අනතුරකට ලක් වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඇල්ල – රාවණා ඇල්ල මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු ව ඇති බවයි.

අද උදෑසන 5 ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 40 ක් පමණ බස් රථයේ සිට තිබෙනවා.

බස් රථයේ තිරිංග එකවර ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

මාර්ගයේ ඉහළින් තිබූ ගල් කැබලි රියදුරු සිටින ප්‍රදේශයට වැටීමෙන් රියදුරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46