රාජිතගේ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව නරඹන්න විත්තියේ නීතීඥවරුන්ට අවස්ථාව

මාධ්‍ය සාකච්චාවක් පවත්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහි නඩුවේ විභාගයට දින නියම කිරීමට ලබන මාර්තු මස 2 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද 29) නියෝග කළේ ය.

එම මාධ්‍ය හමුවට අදාළ සියලු ම ප්‍රවෘත්ති, පටිගත උපකරණ හා සී.ඩී. තැටි විත්තියේ නීතිඥවරුන්ට නැරඹීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස මාධ්‍ය ආයතන 4ක් වෙත විනිසුරුවරයා නියෝග නිකුත් කළේ ය. 

එමෙන් ම, ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර දෙන ලෙසට ද විනිසුරුවරයා පැමිණිල්ල වෙත නියෝග කළේ ය. 

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගෞරි තවරාසා, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා හා ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සුදු වෑන් සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් ලෙස නම් කර සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර හා වටරැකගමගේ අතුල සංජීව මදනායක යන අය සියලු චෝදනා වලින් නිදහස් කර ඇති අතර ඔවුන් මෙම මහාධිකරණ නඩුවේ දී රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09