රාජාභිෂේකයට ගිය ජනපති රනිල් යළි දිවයිනට

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) උදෑසන යළි දිවයිනට පැමිණියා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ – 650 දරණ ගුවන් යානයෙන් අද (08) උදෑසන 08.30ට පමණ ජනාධිපතිවරයා මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ජනධිපතිවරයා සමඟ එම උත්සවයට ගොස් සිටි මෙරට ධූත පිරිස ද එම ගුවන් යානයෙන් ම මෙරටට පැමිණ තිබෙනවා.