spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවක වැටුප ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

මුදල් අමාත්‍යංශයේ දී අද (23) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නය වලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර රාජ්‍ය සේවක වැටපු ජනවාරි 25 වනදාට නියමිත පරිදි ගෙවීමට හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්‍රමාදයක් සහිතව ලබාදීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇතැයි පවසා තිබෙනවා.

ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල්බි බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති අතර, නියමිත ආදායම හිමිවුව ද රුපියල් බිලියන 480ක් හිඟයක් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?