රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් හය දෙනෙකුට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

තානාපතිවරු සිව්දෙනෙකු සහ නිත්‍ය නියෝජිතවරියන් දෙදෙනකු පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව, ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය සහ එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ (UNESCO) මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස නිරෝෂණී මනීෂා ඩයස් අබේවික්‍රම ගුණසේකර පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හමිව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක පත් කිරීමට එහි අනුමැතිය හිමිව තිබෙනවා.

ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුවේ නව ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙස ලංකා වරුණි මුතුකුමාරණ පත් කිරීමටත් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ජේ.ඒ.ඩී.එස්. ප්‍රියංගිකා විජේගුණසේකර පත් කිරීමටත්, වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සජීව උමංග මෙන්ඩිස් පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමතිය ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්