රාජ්‍ය අනුමැතියකින් තොරව ගොවි පොහොර වැඩි මිලකට විකුණූ සැකකරුවන් අල්ලන්න – අධිකරණයෙන් නියෝගයක්

රජයේ අනුමැතිය ඇතිව ගොවීන්ට ලබාදීම සඳහා වසර 6කට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ආනයනය කරන ලද පොහොර සහනාධාර ගොවීන්ට ලබානොදී කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්ත වෙත වැඩි මිලට විකුණා කෝටි ගණන් වංචනිකව මුදල් ඉපයූ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (10) නියෝග කළා.

එම සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අදාළ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් එමෙන්ම ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කර ඊට අදාළ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම වුණා.

රජයේ පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 5ක් හා අතරමැදි ආයතන 8 ක් විසින් එම පොහොර අවභාවිතා කර ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය කරගත් බව ද උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ මහතා අධිකරණයට දැන්වූවා.

රුපියල් 2500 ක මිලකට ආනයනය කරන පොහොර කොට්ටයක් රුපියල් 1100 ට ලබාදෙන බව පවසමින් එම සංගම් පොහොර ආනයනය කර ඇති බවත් ඉතිරි මුදල රජය මගින් එම සමාගම් වෙත ගෙවා ඇති බව ද එම දෙපාර්තමේන්තුව පෙර නඩු වාරයේ දී අධිකරණයට දන්වා තිබූ බවයි වාර්තා වන්නේ.

එසේ ගෙන්වන ලද පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුව ද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කීපයක් එසේ ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබා නොදී කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්තශාලා වෙත රුපියල් 25000; 3000 ලෙස වැඩි මිලකට විකුණා එම එක් එක් සමාගම් කෝටි 10 අධික මුදල් උපයාගෙන ඇති බවට කරුණු තහවුරු වී ඇති බව ද එම අපරාධ කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට පොහොර ලබාදෙන බව පවසමින් සමාගම් 18 ක් 2018 වසරේදී පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචිවී ඇති නමුත් ගොවීන්ට මෙතෙක් එම සහනාධාර ක්‍රමය යටතේ පොහොර ලැබී නොමැති බවට කෘෂිකර්ම සත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කර ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ මහතා මීට පෙර දී අධිකරණයට කරුණු වාර්තාකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38