රාජ්‍ය අංශයේ වැඩ වර්ජන අවම කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක් (ඡායාරූප)

ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්තම අභියෝගය පැවති කොරෝනා සමයේ පෞද්ගලික අංශයේ අංශ 35න් ලක්ෂයක රැකියා සුරක්ෂිත කරදීමේ ඓතිහාසික, අග්‍රගන්‍ය කාර්යභාරය පිළිබඳව ලියැවුණු, “තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි, ත්‍රෛපාර්ශ්වික එකඟතාව” කෘතිය කම්කරු ඉතිහාසය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම, වැඩ ලෝකයේ සියලු හවුල්කරුවන්ට මහඟු සම්පතක් බව, කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා ප්‍රකාශ කළා.

මේ වන විට පෞද්ගලික අංශයේ වැඩ වර්ජන නොමැති වුවත්, වැඩි වී ඇති රාජ්‍ය අංශයේ වැඩ වර්ජනවලට විසඳුමක් අවශ්‍ය බව ද, ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද හෙතෙම පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ රචිත, දෙසරැස ප්‍රකාශනයක් වන අදාළ කෘතිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) දින ජනගත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය පවත්වමින්.

මෙම කෘතියට පාදක වූ සමයේ මෙරට කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට එහි පළමු පිටපත කතුවරයා විසින් එහිදී පිළිගන්වනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා මහතා පැවසූවේ, කොරෝනා සමයේ අහිමි වීමට ගිය පෞද්ගලික අංශයේ රැකියා සියල්ල ආරක්ෂා කර ගනිමින්, වෘත්තීය සමිති, හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශය සාර්ථකව සම්බන්ධ කර ගනිමින් ජාතික කම්කරු උපදේශක සභාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත්තේ 2020 සමයේ මෙරට කම්කරු අමාත්‍යවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බවයි.

එකල එම ත්‍රෛපාර්ශ්වයන් අතර ඓතිහාසික ගිවිසුමකින් පෞද්ගලික අංශයේ රැකියා ආරක්ෂා කරගත් ක්‍රියාදාමයට නොදෙවෙනි ලෙස රාජ්‍ය අංශයේ කාර්මික සාමය පවත්වාගෙන යාමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ, අග්‍රාමාත්‍යවරයා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද හෙතෙම පැවසුවා.

රාජ්‍ය අංශයේ කළමනාකරුවන් සහ සේවක පාර්ශ්වය අතර, ද්වීපාර්ශ්වීය එකඟතාවන් ඇති කරගෙන වැඩවර්ජන අවම කිරීම සඳහා එහි නියමු ව්‍යාපෘතිය සොඛ්‍ය සහ ප්‍රවාහන අමාත්‍යාංශවල දැනටමත් ආරම්භ කර ඇති බව‍යි මඩිහහේවා මහතා කියා සිටියේ.

WhatsApp Image 2024 08 22 at 15.38.42
WhatsApp Image 2024 08 22 at 15.38.43
WhatsApp Image 2024 08 22 at 15.38.44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !