රාජස්ථානයේ ක්‍රීඩක මාරුවෙන් ගංගුලි සහ පොන්ටිංට තදවෙයි

අයි.පී.එල් තරගාවලියේ දී භාවිත කරන රීති පිළිබඳ ව්‍යාකූලත්වක් ඊයේ (28) රාත්‍රියේ පැවති දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගයේ දී ඇතිව තිබෙනවා.

ඒ, මෙම තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විදේශීය ක්‍රීඩකයෙකු ආදේශක පන්දු රකින්නෙකු ලෙස යොදාගැනීමත් සමඟයි.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවති මෙම තරගයේ දී විදේශීය ක්‍රීඩකයෙකු ආදේශක පන්දු රකින්නෙකු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් තරඟාවලි නීති පිළිබඳ ව්‍යාකූලත්වයක් හේතුවෙන් තරග ක්‍රියාවලියේ බිඳීමක් දක්නට ලැබුණා.

මෙම තත්ත්වයත් සමඟ දිල්ලි කැපිටල්ස් ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටිං සහ ක්‍රිකට් අධ්‍යක්ෂ සෞරව් ගංගුලි, සිව්වැනි විනිසුරු සමඟ තරමක් උණුසුම් කතා බහක් ඇති වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙම තරගයේ දී රොව්මන් පවෙල්ව ආදේශක පන්දු රකින්නෙකු යොදාගැනීමට කටයුතු කළේ විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙක් පන්දු රකින්නන් ලෙස පිටියේ රැඳී සිටින අවස්ථාවේ දීයි.

රාජස්ථාන් කණ්ඩායම මෙම තරගය ආරම්භ කළේ ජෝෂ් බට්ලර්, ශිම්රෝන් හෙට්මයර් සහ ට්‍රෙන්ට් බෝල්ට් යන විදේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු සමඟින්.

අනතුරුව පන්දු රකින අවස්ථාවේ දී ඔවුන් ශිම්රෝන් හෙට්මයර් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක නන්ද්‍රේ බර්ගර් බලපෑම් ක්‍රීඩකයා ලෙස ගෙන ඒමට තීරණය කළා.

කෙසේ වෙතත්, ඔවුන් ආදේශක පන්දු රකින්නෙකු ලෙස විදෙස් ක්‍රීඩක රොව්මන් පවෙල් පිටියට ගෙන ඒමත් සමඟ මතභේදයක් ඇති වූ අතර, දිල්ලි කඳවුර පෙන්වා දුන්නේ රාජස්ථානය මෙම තරඟය සඳහා විදේශීය ක්‍රීඩකයින් පස්දෙනෙකු යොදාගැනීම කටයුතු කළ බවයි.

මේ අතර සෑම කණ්ඩායමකටම ඕනෑම තරගයක් සඳහා එහි ආරම්භක එකොළොස්දෙනා තුළ විදේශීය ක්‍රීඩකයින් හතරදෙනෙකුට වඩා නම් කළ නොහැකි බව අයි.පී.එල් රීතිවල දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46