රාජගිරියේ මාරක රිය අනතුරට එරෙහිව පාඨලී දැමූ අභියාචනය නිෂ්ප්‍රභ කෙරේ

රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරුවන් පැවසුවේ, මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියෝග කළ බවයි.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කළා.

2016 දී රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි ගොනු කරන ලද චෝදනාවලට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගය පසුගිය වසරේ මැයි 16 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කෙරුණා.

එදින ඒ පෙත්සම් විභාගයේ තීන්දුව ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබනු ලැබුවා.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාඨලී චම්පික රණවක මහතා මෙම පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියා.

මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුවා.

ඒ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ සිදු වූ අදාළ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් එම වාහනය පැදවූ රියදුරා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන එම නඩු කටයුත්ත අවසන් කර තිබූ බව සඳහන් කළා.

එසේ තිබියදී ,2019 වසරේ ආණ්ඩු මාරුවෙන් පසුව තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පැවරීමට පියවර ගත් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

අවසන් වී තිබෙන නඩුවකට අදාළ චෝදනාවලට යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ රියදුරා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණ ද ඉන් පසුව අනාවරණය වූ නව තොරතුරු මත පොලීසිය විමර්ශන සිදු කළ බවයි.

එම විමර්ශනවල දී අනාවරණය වූ නව සාක්ෂි පදනම් කරගෙන පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ අවධාරණය කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීමට එදින තීරණය කළා.

ඒ අනුව අද (08) පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් මහාධිකරණය හමුවේ නඩුව කැඳවන ලෙසත් ය.

  1. Mulinma kiwwanang Nadi ethule hitiya nisa newettuwe ne kiyala
    Neththam….
    Nadishawa maga bassala policiyata giyanang mamai drive kare kiyala. Wede Goda.

    Eka boruwak kiwwama. Wahanna boru godak one

    Gentleman wage hitiyata. Viyaja charithayak

  2. දැන් කියපං රජය පලිගන්නවා කියල.
    මූ පල් හොරෙක්..අහිංසක මිනිහෙක්ව බිල්ලට දීල බේරෙන්නයි හිතුවෙ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:06:37
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42