රාජකාරී වෙලාවේ මත්පැන් සාද දැමූ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ලොක්කො පොඩ්ඩෝ (වීඩියෝ)

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු එම කාර්යාලයේ තවත් නිලධාරීන් පිරිසක් රාජකාරී වේලාව තුළ මත්පැන් සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මොවුන් පිරිස අදාළ මත්පැන් සාදය පැවැත් වූ ස්ථානයට පැමිණීමට, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාතට අයත් කැබ් රථයක් යොදාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.