රාජකාරි අවසන් කර නිවස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු අනතුරකට

රාජකාරි අවසන් කර නිවස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු අනතුරකට පත්වීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මහව පොලීසිය පවසයි.

ඉකුත් 31 වෙනිදා රාත්‍රී 9.45 ට පමණ මහව – කට්ටඹුවාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ මහව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන් 55002 පුෂ්පකුමාර නම් අයෙකි.

පොලිස් සැරයන්වරයා තම රාජකාරිය අවසන් කර යතුරු පැදියකින් නිවස බලා ගමන් කරමින් සිට ඇත.එම යතුරු පැදිය ඉදිරියෙන් පැමිණ ඇති බොලරෝ වර්ගයේ කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලබා සිටි පොලිස් සැරයන්වරයාව ප්‍රතිකාර සදහා පොල්පිතිගම රෝහලට එම අවස්ථාවේදී ඇතුළත් කර ඇත.පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහට මාරු කර යවා ඇත.

අනතුරට සම්බන්ධ කැබ් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර,එය පැදවූ රියදුරුව මහව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.