රසායනික ද්‍රව්‍යයක් උණු කර රත්‍රන් නිපදවූ අයෙක් අත්අඩංගුවට

රසායණික ද්‍රව්‍ය උණු කර රත්‍රං නිපදවා අලවි කළ බව කියන සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල් කටු අඟුරු සක්‍රීය කාබන් බවට පත් කිරීමේදී එහි ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා යොදා ගන්නා පොටෑසියම් ඔටෝ සයනයිට් නම් රසායණික ද්‍රව්‍ය සොරා ගෙන ඒවා උණු කර මෙම සැකකරු රත්‍රං නිපදවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරු මාදම්පේ – පොතුවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක ගබඩා භාරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙක්.

එම පුද්ගලික අයතනයේ රසායනාගාර කළමනාකරු ලෙස සේවය කරන අයෙකු කර ඇති පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශණයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාදම්පේ – පොතුවිල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පුද්ගලික ආයතනයක් විසින් පොල් කටු අඟුරු මිලදී ගෙන ඒවා සක්‍රීය කාබන් බවට පත් කිරීම සිදු කරනු ලබනවා.

එසේ මිලදී ගන්නා පොල් කටුවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා පොටෑසියම් ඔටෝ සයනයිට් නම් රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම සිදු කරන අතර එම රසායණික ද්‍රව්‍ය වල රත්‍රං 68.5%ක සංයෝගයක් තිබෙන බවයි පැමිණිලිකරු පොලිසියට දැනුම්දී ඇත්තේ.

එම රසායණික ද්‍රව්‍ය ආයතනය තුළ ගබඩා කර තිබී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු බාරයේ යි.

පසුගිය දිනක කරන ලද තොග සංඝණයකදී අදාළ රසායණික ද්‍රව්‍යවල පෙනුමේ සහ වර්ණයේ වෙනසක් ඇති බව අනාවරණය වී තිබෙනවා.

අනතුරුව කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍ය ග්‍රෑම් 50ක ප්‍රමාණයක් සොරකම් කර ඒ වෙනුවට වෙනත් රසායණික ද්‍රව්‍යයක් කළවම් කර ඇති බවයි.

අනතුරුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.

තමන් විසින් සොරකම් කරන ලද රසායණික ද්‍රව්‍ය ආයතනය තුළ ඇති උඳුනේ සෙන්ට්‍රිග්‍රෙඩ් අංශක 900ක උෂ්ණත්වයක් යටතේ කෝවක දමා අවස්ථා කීපයකදී උණු කර රත්‍රං පතුරු ලබා ගත් බව සැකකරු පොලිසිය හමුවේ පවසා ඇතැයි සඳහන්.

එලෙස ලබා ගත් රත්‍රං පතුරු මීගමුව ප්‍රදේශයේ ස්වර්ණභරණ අලෙවි සැළකට අලෙවි කළ බව ද සැකකරු හෙළිකර තිබෙනවා.

සැකකරු රත්‍රං නිෂ්පාදනය කිරීම සදහා සොරකම් කර ඇති රසායනික ද්‍රව්‍ය ග්‍රෑම් 50හි වටිනාකම රුපියල් 7,50,000ක් බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48