රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය ගැන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 විභාගයට අවසර

අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මහජනතා විසින් උද්ඝෝෂණයක් සිදුකළ අවස්ථාවේ දී එය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වීම ඇතුළු තවත් පිරිසක් තුවාල ලැබීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 07ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අවසර ලබා දුන්නා.

අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ, අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ මෙම වෙඩිතැබීම සිදුකිරීමට අණදුන් බව කියන කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ වෙඩිතැබීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකුට අධිකරණය විසින් නොතීසි නිකුත් ලරනු ලැබුවා.

මෙම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සති 06ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය සඳහා ලබන පෙබරවාරි 27 වැනිදා කැඳවීමට ද නියෝග කළා.

මෙම පොලිස් වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන් නමැති 41 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ ඇතුළු මෙම කළහකාරි සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් විසින් මෙම මූලික අයිතිවාසිකම් 07ක් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය විසින් කලහකාරී සිද්ධියක් විසුරුවා හැරීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියා පටිපාටින් හා නීතිමය ප්‍රතිපාදන අනුගමනය නොකොට සෘජුවම වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

මේ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

මෙහිදී වගඋත්තරකාර පොලිස් නිලධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේ දී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග වගඋත්තරකරුවන් විසින් ගත් බව සඳහන් කළා.

මහජනතාවට අවවාද කිරීම් ඇතුළු නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කළ බවත් මහජන සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් අවසානයේ දී කළ නොහැකි විකල්පයක් නොමැති තැන මෙම වෙඩි තැබීම සිදුකිරීමට සිදු වූ බවත් නීතිඥවරයා මෙහිදී පැවසුවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන්ට විරුද්ධව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර ලගු නොවන නඩු විභාගයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව සඳහන් කළා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30