රනිල් ගැන ප්‍රකාශ 50කට අධිකව අරන් – ඉහළ අධිකරණයක නඩු පැවරීමට සැරසෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඉහල අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් නෙත්ති කුමාර මහතාට දැනුම් දුන්නා.

නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හිටපු ජනාධිපතිවරයා එරෙහිව සිදු කරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ඉහළ අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඒ බව දන්වා සිටියා.

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයෙකු බව කියන හිටපු ජනාධිපතිගේ ලේකම්වරයා වන සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අද (19) අධිකරණයේදී කරුණු දැක්වීම සිදු වූ අතර එහිදී එම ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබූ විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉල්ලා අස් කරගන්නා බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට දැන්ව සිටියා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභා කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ එම ලේකම්වරයාගේ දියණියගේ දරු ප්‍රසූතියට යාම සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිය බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, එම ලේකම්වරයාට විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වන ලෙසයි.

“ස්වාමිනි, මෙම සිද්ධියට අදාලව විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ලබන මාසය වන විට විමර්ශන අවසන් කළ හැකි බව දක්නට ලැබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 50 අධික ප්‍රමාණයක් මේ වනවිට ලබා ගෙන තිබෙනවා.විමර්ශන අවසන් අදියරේ. ලබන මාසය වනවිට විමර්ශන අවසන්. ඉහල අධිකරණයක නඩු පැවරීමට පියවර ගන්නවා. විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින හිටපු ජනාධිපති ලේකම් වරයා ප්‍රධාන මූල්‍ය පාලකවරයා. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානියා ප්‍රශ්නයක් ලිපිය විමර්ශනය කිරීම පමණයි සිදු කිරීමට තිබෙන්නේ. අධිකරණ නියෝග ප්‍රකාරව විමර්ශන කරමින් පවතිනවා. එම ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවයි පැමිණිල්ලේ ස්ථාවරය. එම නිසා ලේඛනය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කරනවා.”යැයි සොලිසිටර් ජනරල් දිලිප පීරිස් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස සඳහන් කළා.

“අද දින පැමිණිල්ල කැඳවන්නේ නිශ්චිත කාරණයකට. නඩුව කැඳවන දින විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන්න. ඉල්ලීම අස්කර ගැනීමට කරන ඉල්ලීමට අනුව ඉල්ලීම නිෂ්ප්‍රභා කරනවා” යනුවෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

  1. කිසිදු සහනයක් නොදක්වා ලෝකයටම ආදර්ශයක් වන පරිදි උපරිම උපරිම දඩුවම් ලබාදී මේ ලේ මාබිලුන්හට නිසි පාඩමක් නීතී ප්‍රකාරව ඉගැන්විය යුතුය..

  2. රනිල්ට අත තැබීමට ප්‍රථම සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල රාජ්‍ය යාන්ත්‍රණයට හා දේශපාලනය ට රිංගා සිංහල හා දමිල ජන සංහාරය කල ඉරාන-පලස්තීන පිටුබලය ලබන ලංකාවේ මුස්ලිම් isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම කරනු !!!! එවිට සියල්ල ශුද්ධ කල හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20