රනිල් එළඹෙන මහ මැතිවරණයට තරග නොකිරීමේ තීරණයක් (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

අද (24) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.