රනිල් අතේ සහාය අයදියි (නිවේදනය)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම ලිපිය යොමු කරමින් සඳහන් කර ඇත්තේ; එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය තමන් වෙත ලබාදෙන ලෙසටයි.

එමෙන්ම මෙතෙක් කල් පැමිණි ගමන් මාර්ගයේ දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විසින් තමන් වෙත ලබා දෙනු ලැබූ සහයෝගයට ද ජනාධිපතිවරයා එම ලිපියෙහි විශේෂ ස්තුතියක් ද පුද කර සිටිනවා.

මෙම ජනාධිපතිගේ ලිපිය අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේ දී මහලේකම් දුමින්ද දිසානායක විසින් සිය පාක්ෂිකයින් ඉදිරියේ කියවනු ලැබුවා.

WhatsApp Image 2024 07 31 at 16.45.32