රනිල්ට හංසයා ඇතුළු පක්ෂ කිහිපයක සහාය

එළඹෙන ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට තීරණය කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ ලේකම් ශාමලී පෙරේරා පැවසුවේ රට ඉදිරියට ගෙන යාමට සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවට විශ්වාස කරන හෙයින් සිය පක්ෂයේ සහාය ජනාධිපතිවරයා වෙත ලබාදීමට තීරණය කළ බවයි.

සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට හංසයාගේ සහාය ද හිමි ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති මාධ්‍ය හමුවක දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරයා මේ බව සඳහන් කළ අතර ඔහු කියා සිටියේ පෙර පැවති ජනාධිපතිවරණ තුනේදීම තම පක්ෂය අපේක්ෂකයින් සඳහා නාමයෝජනා භාර දුන් බවත්, 2015 වර්ෂයේ දී සිය පක්ෂ‍යේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ බවයි.

මේ අතර නව සන්ධානයේ පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ සාමාජික අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ අභයාරාම විහාරස්ථානයට ගොස් වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ රට ඇදවැටී තිබූ ආර්ථික ආගාධයෙන් වසර දෙකකුත් මාස කිහිපයක් තුළ යම්තාක් දුරකට ගොඩගෙන, ණය අර්බුදයට නිසි වැඩපිළිවෙළක් සැකසූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත්; එම විශ්වාසය මත මෙවර සිය නව සන්ධානයේ සහාය වත්මන් ජනාධිපතිවරයා හට ලබාදීමට තීරණය කළ බවයි.

එමෙන්ම ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා හට සහාය පළ කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ සහාය ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හට හිමිව ඇති අතර දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ද ජනාධිපතිවරයා හට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් අද පෙරවරුවේදී සිය අවසන් තීරණය සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39