රනිල්ගේ පනත පිස්සාගේ පලා මල්ල වගේ – උදය

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත පිස්සාගේ පලා මල්ල වගේ බව උදය ගම්මන්පිල පවසනවා.

පිවිතුරු හෙළ උරුමයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත හැඳින්වීමට තිබෙන හොඳම යෙදුම ‘පිස්සාගේ පලා මල්ල’ වගේ කියන එකයි. ඇයි අපි එහෙම කියන්නේ. ඇයි අපි එහෙම කියන්නේ. කිසිම ඉලක්කයක් අරමුණක් නැතිව විවිධ ආයතන ගොන්නක් බිහි කරන්නත් අනාගතයේ ලඟා කර ගැනීමට කැමති සිහින රංචුවක් ලියා තැබීමකුත් විතරයි මේකෙ දකින්න පුළුවන්. සිහින සාප්පු පනත කිව්වා නම් තවත් හොඳයි කියලා මට හිතෙන්නේ.

මේ පනතින් බිහිකරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ. අළුතින් බිහි කරන ආයතන හ​තේම පත්වීම් කරන්නේ ජනාධිපති. පාලනය කරන්නේ ජනාධිපති. ඒ කියන්නේ බූවල්ලාගේ අඩු වගේ ආර්ථිකය පුරා විහිදෙන මේ ආයතන බූවල්ලාගේ ​අඩු හිසට සවි වී තිබෙන ආකාරයට ජනපතිට සවි වෙලා තිබෙනවා. සමස්ත ආර්ථිකය පාලනය කිරීම ජනාධිපතිවරයා අතට අරන් දැනටමත් ඒකාධිපති බලයක් තිබෙන ජනාධිපති ධූරය තවත් සවිමත් කිරීමක් තමයි මේ පනතින් හොර රහසේම සිදු කරන්නේ.

මේ පනත IMF ගිවිසුමට අනු​ව හැදූ පනතක් ලෙස සමහරු අර්ථ දැක්වුවත් ඒ ගිවිසුමේ නම් මෙවැනි පනතක් ගේන්න කියලා නෑ. ඒ වගේම මේ පනත IMF ගිවිසුමට පටහැනියි. ගිවිසුමෙන් ඉලක්ක දීලා තිබෙන්නේ රාජ්‍ය වියදම අඩු කරන්න. නමුත් මේ පනතින් අළුත් ආයතන 7ක් බිහි කරලා. ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ඉන්වෙස්ට් ශ්‍රී ලංකා, ඉන්වෙස්ට්මන්ට් සෝන්ස් ශ්‍රී ලංකා, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය, ජාත්‍යන්තර වෙළඳ තානාපති, ජාතික ඵලදායිතා කොමිසම, ආර්ථික සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබ​ඳ ශ්‍රී ලංකා ආයතනය මේ ආයතන හතයි. ආයෝජන මණ්ඩලය කෑලි කෑලි වලට කඩලා අධ්‍යක්ෂ මණ්ඩල, සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු වෙන වෙනම පත් කලාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වුණු විධියට රාජ්‍ය වියදම අඩු වෙනවා ද? නැතිනම් වැඩි වෙනවා ද? මේ පනත අනුව 2027 පසු ආර්ථික වර්ධන වේගය 5%ට වඩා වැඩි කරන්න 2050 වන විට කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය 50% කරන්න යනාදි වශයෙන් ඉලක්ක ගණනාවක් ඇමති මණ්ඩල විසින් කළ යුතුයි කියා භාර දී තිබෙනවා. ඕනෑම පනතක යම් විධානයක් කඩ කලාම ලබා දෙන දඬුවම තිබෙනවා. නමුත් මේ ඉලක්ක සපුරා ගත්තේ නෑ කියලා ඇමති මණ්ඩලයට කිසිම දඬුවමක් නෑ. හිරේ දානවා නොවෙයි ඇමති ධූරය අහිමි වෙනවා කියලාවත් නෑ. එහෙම නම් මේක නිකන්ම නිකන් ඉලක්කයක් මිස නීතියක් නොවේ.

ජනමත විචාරණයක් පවත්වලා ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අවුරුදු දෙකකට කල් දාන්න එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මැතිතුමා යෝජනා කරලා තිබෙනවා. ආණ්ඩුව ඉදිරි ජනපතිවරණය දිනනවා නම් ජනාධිපතිට අවුරුදු දෙකක් වෙනුවට පහක්ම ලැබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩුව දිනනවා නම් එතැනත් අවුරුදු පහක් ලැබෙනවා. අවුරුදු පහක් ලබා ගන්න පුළුවන් මැතිවරණ දෙකට මුහුණ නොදී අවුරුදු දෙකකින් කාලය දිගු කරන්න කියා එජාප මහ ලේකම් ඉල්ලා සිටින්නේ තමන්ට ඡන්දය දිනන්න බැරි බව දන්නා නිසායි. ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වන බව පිලිගන්න නිහතමානි වුණාට රංගේ බණ්ඩාර මැතිතුමනි ඔබට බොහොම පිං. සමහරු කියනවා ජනමත විචාරණයකින් ජනපතිවරණ​ය කල් දාන්න බෑ කියලා. ඒක වැරදියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය අනුව ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය අරගෙන ජනපතිවරණ​ය කල් දාන්න පුළුවන්. නමුත් මෙවර ජනපතිවරණයේ දී 40%ක් ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. නමුත් ජනමත විචාරණය ජයග්‍රහණය කරන්න අනිවාර්යෙන් 50%ට වැඩි ඡන්දයක් ගන්න ඕනෑ. ඒ වගේම ජනපතිවරණයක දී අපේක්ෂකයින් සියලුදෙනාම එකිනෙකා අතර තරගයක් තිබෙන්නේ. නමුත් ජනමත විචාරණයේ දී ආණ්ඩුව එක පැත්තක. විපක්ෂයේ අපේක්ෂකයින් සියළුම දෙනා අනිත් පැත්තේ. ඉතින් ජනපතිවරණයක් දිනන්න ආණ්ඩුවට බැරි නම් ඊට වඩා අමාරු ජනමත විචාරණය දිනන්නේ කොහොමද? මේක ඔක්තෝම්බර් මාසයෙන් පසු ජනපති ධූරයේ රැඳී සිටීමට රංගේ දකින සිහිනයක් විතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32