රනිල්ගේ නිවසට ගිනි තබන අවස්ථාවේ විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණයක්

ඊයේ (09) රාත්‍රියේ විරෝධතාකරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස පිහිටි 05 වන පටුමග අවට විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ ඊයේ (09) පස්වරු 6.00න් පසු කොළඹ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් සිදුකිරීමට සැලසුම් කර නොතිබූ අතර මෙම විදුලි විසන්ධි වීම ගැටලු සහගත බවයි.