රනිල්ගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කිරීමට කැපවන බවට පොහොට්ටු මන්ත්‍රීහු දිවුරති (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92කගේ ම බහුතර සහාය ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය පොහොට්ටු සාමාජිකයින් පිරිසක් විසින් ගනු ලැබුවේ.

නැවත පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන, ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති රටක් ගොඩනැගීම සඳහා මෙම මොහොතේ දී වත්මන් ජනාධිපතිවරයා හට දිය හැකි උපරිම සහාය ලබා දෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සඳහන් කර සිටින්නේ.

පැවති ආර්ථික අගාධයෙන් රට මේ තාක් දුරකට හෝ ගොඩ ගත්තේ වත්මන් ජනාධිපතිවරයා බව ද ඔවුන් පවසනවා.

එම නිසා ඉදිරි ජනාධිපතිවරණයේ දී කිසිඳු කොන්දේසියකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කිරීමට කැප වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඊයේ ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කර තිබෙනවා.

නැවත දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැඟිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවයි ඔවුන් පැවසුවේ.

තමන් අසීරුවෙන් ගොඩනැඟු පක්ෂය රට ගැන නොසිතා සුළුතරයක බලපෑම මත ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර මෙම තීරණයට එළැඹි බව පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මීට එක්ව සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

මේ වන විට හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පක්ෂ සාමාජිකත්වය ද තමන් ගත් තීරණය නිවැරදි බව සහතික කර ඇති බවයි එම පොහොට්ටු මන්ත්‍රීවරුන් කියා සිටියේ.

රටේ ආර්ථිකය අස්ථාවර වී, නීතිය හා සාමය කඩ වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහමඟ ඝාතනය කළ තැනට වැටී තිබු රට දෙවසරක් තුළ ස්ථාවරත්වයට ගෙන ඒමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළ බවත්, එදා ඔහු පිළිබඳ තැබු විශ්වාසය කඩ නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බවත් විශේෂ සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණි පොහොට්ටු මන්ත්‍රීවරුන් සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා භාරගත්තේ තනිව නොවන බවත්; එදා රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බවයි.

ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බවට මේ රටේ ජනතාව අද විශ්වාස කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

රට ගොඩනැඟීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමු ව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බව ද දැනුම්දුන්නා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර; අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී. හේරත්, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රේමනාත් සී.දොලවත්ත, ජානක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න. ඩග්ලස් දේවානන්දා, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම විශේෂ සාකච්ඡාවට එක් ව සිටියා.

HE 2
HE 3
HE 4
HE 5
HE 6
HE 7
HE 8
HE 9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18