රන් මාලය කඩාගත් හොරා පාර වැරදී පොලිසියටම දුවයි

ඊයේ (11 ) දහවල් කාලයේ පාසැල් ඇරී නිවස බලා පැමිණෙමින් සිටි ගුරුවරියකගේ ගෙලබැඳි රන් මාලයක් කඩාගෙන පලාගිය අයකු මග වැරදී බොරැල්ල පොලිසිය වෙතම දිවගොස් තිබෙනවා.

පොලීසිය දෙසට දිව එනු දුටු මෙම පුද්ගලයා පොලිස් නිලධාරියෙකු විසින් සැක සිතී අල්ලාගත් විට ඔහු අත රන් දම්වැලක් ද තිබී ඇත.පොලිස් නිලධාරීන් සැකකරු අල්ලා ප්‍රශ්න කර තිබේ. මෙම පුද්ගලයා මත් ලෝලියකු බව පොලිසිය පැවසයි.

ගුරුවරිය ද පැමිණ බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත. සිද්ධිය පිළිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි