රන් ආලේපිත ගිනිඅවි සිද්ධියට හිරේ ඉන්න දුමින්දට අදත් ඇප නෑ

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් සතුව තිබී රන්පැහැ, T56 ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ලබන ජුලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා.

ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා ව අද (07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය දැනට ඇති විමර්ශන මොනවාද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ඊට අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ගිනි අවිය එම නිවසේ තිබූ බව විමර්ශනවලින් තහවුරු කර ගත් බවයි.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බව පෙනී යන බැවින් සියලු ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර දුමින්ද දිසානායක මහතා ලබන මස 15 වැනිදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39