අද (06) සවස රන්දිය උයන මහල් නිවාසය අසල ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හමුව තිබෙනවා.
ඒ මිහිජයසෙවන පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් සිදුකල වැටලීමකදීයී.
පසුව කැලණිය පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් එම බෝම්බය නිෂ්ක්‍රීය කරීමට පියවර ගෙන තිබුණා.
මෙහිදී ත්‍රිරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු වයස අවුරුදු හතළිස් දෙකක් පමණ වන රන්දිය උයනේ පදිංචි පුද්ගලයෙක්.













