රත්‍රං මිල ගණන්වල සුළු අඩුවීමක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද (04) දිනයේ මෙරට රත්‍රං වෙළඳපොළේ රත්‍රං මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (04) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 293,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 317,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මෙරට රත්‍රං වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක මිල ඊයේ (03) දිනයේ රුපියල් 294,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 318,000ක් ලෙසයි.