රත්තරන් හොයන්න ගිය අයට නවතින්න වුණු තැන

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් කිළිනොච්චියේ මායනූර් ප්‍රදේශයේ ”ලව් කෑම්ප්” යනුවෙන් නම් කොට තිබූ ස්ථානයේ, කැණීම් කළ පුද්ගලයින් පස් දෙනෙකු කිළිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ස්ථානයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් රත්තරන් හා මුදල් තොගයක් වළලා ඇති බවට ඔවුන්ට ලැබුණු තොරතුරක් මත ඒවා ගොඩගැනීමට කැණීම් සිදු කර ඇති බවයි කිළිනොච්චිය පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහනුවර හා මාතලේ යන පළාත්වල පුද්ගලයින් වන අතර ඔවුන් ඒ සදහා භාවිත කිරීමට රැගෙන ආ නවීන ස්කෑනර් යන්ත්‍රයක් ඇතුළු උපකරණ කීපයක්ද, සැකකරුවන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !