“රට හදන්න කලින් ගම හැදෙන්න ඕනෙ, දේශපාලකයො හදන්න කලින් අපි හැදෙන්න ඕනෙ.”

රට වටේම තැනින් තැන මේ වෙද්දි පාරවල් වහලා අහිංසක මිනිස්සුන්ටම පීඩා දෙන විදිහට විරෝධතා පැවැත්වෙනවා.
පාරක් වැහුවම ඒකෙන පීඩා විදින්නේ දේශපාලඥයා නෙවෙයි, අහිංසක එදා වේල හරි හම්බ කරන මිනිස්සුමයි.
ඉතිං මීට වඩා කවුරුත් බුද්ධිමත් වුණානම් හොඳයි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.
මේ අපි කියන්න යන්නේ ඒ විරෝධතාවයක් අතරින් ඇහුනු අපූරු කතාවක් ගැනයි.
ඊයේ වැලිවේරියේ තිබුණු අරගලයට සහභාගී වුණු අය රතිඤ්ඤා පත්තු කරලා ටයර් ගිනි තියලා පාරවල් පුරා දාලා යන්න ගිහින්.
ඒක දැකපු වටිනා තරුණයන් කිහිප දෙනෙක් ඒ හැමදේම පිරිසිදු කරන්න කටයුතු කරලා තිබුණා.
ඒ ගැන මේ විදිහේ සටහනක් ඔවුන් තබා තිබුණා.

ඊයේ දවසේ වැලිවේරියේ තිබුණ අරගලයට සහභාගි වූ අය රතිඤ්ඤා පත්තු කරලා, ටයර් ගිනි තියලා රෑ 10.30ට විතර “සතුටින්” විසිර ගිහින් තිබූණා.
පස්සෙ අරගලය තිබුණ තැනින් යාළුවෙක් එක්ක යද්දි තමයි දැක්කෙ පාර මොන තරන් හැඩි වෙලාද කියල,
පස්සෙ දෙන්නා කතාවෙලා, යාළුවා (Chanaka), මම එක්ක තව තුන් හතර දෙනෙක්, පැය දෙකක් විතර මහන්සි වෙලා වැලිවේරිය හතරමං හන්දියෙ ඉදන් පල්ලිය ගාවට යනකන් මීටර 300ක් විතර දුර පාර අතුගාලා, ගල් මුල්, පුච්චපු ටයර් අයින් කරලා, අපිට පුලුවන් විදිහට පිරිසිදු කළා.
කාගෙවත් අණ දීමක් මත කරපු දෙයක් නෙවෙයි,ඒ වගේම වැඩේ කරන්න සෙට් වුණු කවුරුත් උද්ඝෝෂණයට සහභාගි වුණු අයත් නෙවෙයි.

රට හදන්න කලින් ගම හැදෙන්න ඕනෙ.
දේශපාලකයො හදන්න කලින් අපි හැදෙන්න ඕනෙ.

(අරගලය Live දෙන්න, Photos, Videos ගන්න කට්ටිය හිටියා වගේ මේ වැඩේ Photos, Videos ගන්න, Live දෙන්න කවුරුත් හිටියෙ නැති නිසා ඉතිං අපිටම Photos අරන් දාන්න වුණා.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49