රට රැකියා පෙන්වා කෝටි ගණනක් ගැරූ ටෙලි නළුවෙක් අත්අඩංගුවට

විදේශ රැකියා එජන්සියක් පවත්වාගෙනයන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදලක් වංචා කළ ටෙලි නාට්‍ය සහාය නළුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු තවත් පුද්ගලයකුගෙන් මුදල් ලබාගැනීම සදහා පිටකොටුව ප්‍රදේශයට පැමිණෙන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

එම සැකකරු ඉතාලියේ වීසා බලපත් සහ ගුවන් ටිකට්පත් පෙන්වමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචාකර සුඛෝපභෝගී හෝටල්වල රැඳීසිට ඇති බව

පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී ඇත්තේ ඉතාලියේ වීසා බලපත්‍ර සහ ගුවන් ටිකට්පත් පෙන්වමින් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 20 දක්වා මුදල් සැකකරු වංචාකර ඇති බවයි.

එලෙස වංචාකර ලබාගත් මුදල්වලින් ඔහු සුඛෝපභෝගී හෝටල්වල රැඳී සිටිමින් කැසිනෝ ක්‍රීඩාවල නිරත වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම වංචාවන්ට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ටෙලි නාට්‍ය නළුවා තමා සිටින ස්ථානය හඳුනාගත නොහැකි වන පරිදි වට්සැප් තාක්ෂණය ඔස්සේ සූක්ෂම අන්දමින් මෙම ගනුදෙනු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
08:11:23
Video thumbnail
අනුර නන්දලාල්ව හුරතල් කර කර ඔහේ බලාගෙන ඉන්නවා
04:37
Video thumbnail
නාමල් පිල්ලෙයාන් එක්ක කුටු කුටු ගෑවේ මොනවද කියලා කියන්න දැන්..X පණිවුඩ දාලා හරියන්නේ නෑ
03:50
Video thumbnail
සජබේ ලොක්කන්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
10:30
Video thumbnail
අටමස්ථානාධිපතිගේ ප්‍රශ්නය යට ගහන්න කරපු වැඩක්..දිලුම්ගේ ප්‍රකාශය නිසා එම දැරියට අගතියක් වෙනවා..
04:40
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
උතුරට බලය බෙදා දෙයි..?
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12