රට යලිත් ලෝකඩවුන් කරනවාද ? සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරු

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙන්නේ.

මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර එළඹෙන ජනවාරි 29 වන දිනට වසරක් සපිරෙන අතර එයට සමගාමීව දිවයිනේ සියලු රෝහල් / ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ යටතේ බූස්ටර් එන්නත්කරණ වැඩපිළිවෙල එම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවීමට සැලැසුම් කෙරෙන අතර , මෙමගින් දිවයින පුරා ජනගහනයෙන් සෑම ඉලක්කගත පිරිසකටම එන්නත් මාත්‍රා තුනම ලබාදීමට පියවර ගැනේ.

පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා කඩිනමින් ක්‍රියාවට නංවන බවත්, ඒ සඳහා වන නීතිමය අධ්‍යයන කටයුතු අවසන්ව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

මේ වන විට එයට අදාළ ගැසට් පත්‍රය සකස් කරමින් පවතින අතර අනෙකුත් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක යෙදෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම කේත අංකය හා යෙදුම සැකසීම ඩිජිටල් තාක්ෂණික අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවත්, එම කටයුතු අවසන් වූ වහා හැකි ඉක්මනින් එන්නත්කරණ කාඩ්පත පොදු ස්ථාන වලට ඇතුල් වීමේදී අනිවාර්ය කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වසරක් තුළ එන්නත්කරණය වඩාත් සාර්ථක වූ ලොව පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයිද එය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙනයාම සඳහා බූස්ටර් එන්නත ලබාගැනීම ජනතාවගේ වගකීම වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

තුන්වන ලොක්ඩවුන් කිරීමක් සඳහා කිසිදු සූදානමක් නොමැති බවත්, එසේ යාමට සිදුවුවහොත් රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වන බවත්, ඒ තුළ විශාල කඩාවැටීමක් විය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඇතැම් පිරිස් බූස්ටර් එන්නත් සම්බන්ධයෙන් අනිසි බියක් මෙන්ම පදනම් විරහිත අනිසි ප්‍රචාර ගෙනයන බවත් ඒ තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇතැයිද එනිසා ඉලක්ක ගත සෑම පිරිසක්ම එන්නත් මාත්‍රා තුනම ලබාගැනීම ජීවිත සුරක්ෂිතතාවයට ප්‍රබලම සාධකය වන බවද අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56