රට මත්පැන් ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (04) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිසියේ නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී අන්සතු විදෙස් ගමන් බලපත්‍ර 35ක් ද සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

එම විදෙස් ගමන් බලපත්‍ර මියගිය කාන්තාවන්ට, භික්ෂුන් වහන්සේලාට, ශිෂ්‍යයන්ට අයත් ගමන් බලපත්‍ර මෙන්ම කල් ඉකුත් වූ සහ අවලංගු වූ ගමන් බලපත්‍ර ද එහි තිබී සොයාගෙන තිබෙනවා.

මේ අතර එම ගුවන් ගමන් බලපත්‍ර අතර තිබී මෙම මත්පැන් ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරුට අයත් ගමන් බලපත්‍ර 06ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔහු මෙම ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මෙම විදෙස් මත්පැන් තොගය ලබාගෙන ඇති අතර, ඉන් කොටසක් වෙනත් වාහනයකින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යවා ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස කටුනායක පොලීසිය මගින් විදෙස් මත්පැන් බෝතල් 30ක් අත්අඩංගුවට ගැනුණු අතර, ඊට අමතරව දේශීය මුදලින් රුපියල් 147,000ක් සහ ඇමෙරිකානු ඩොලර් 1,376ක් ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරුවා වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 22ක දියතලාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පොලිසිය පවසනේ 22 හැවිරිදි දෙවන සැකකරු මාසයකට 15 වතාවක් පමණ ගුවන් ගමන්වල නිරත වන අයෙක් බවයි.

ප්‍රධාන ජාවාරම්කරුව වසර 20ක පමණ සිට මෙම මත්පැන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ජී.එල්.ඒ.ධර්මසේනගේ උපදෙස් මත කටුනායක පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගැනුණු ජාවාරම්කරුවන් දෙදෙනා, විදෙස් ගමන් බලපත්‍ර තොගය සහ මත්පැන් බෝතල් තොගය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. අධිකරණයේ තියන් මත්පන් අන්තිමට් විභග කරන විට වතුර වෙලාතියෙයිද දන්නෙ නැහැ .දන් අධිකරණයේ ගබඩවලත් ඉන්නෙ කිසිම විශ්වසයක් නැති mමිනිස්සු .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39