spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට තුළ හොර දොස්තරලා 40,000ක් (වීඩියෝ)

මෙරට තුළ ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (08) මේ බව සඳහන් කළා.

මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් හඳුනාගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් තවමත් රට තුළ නොමැති බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මෙවැනි ව්‍යාජ වෛද්‍යවරු බටහිර වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන් හෝ විකල්ප වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් ප්‍රචාරණය කරන පුද්ගලයින් ලෙස හෝ පෙනී සිටින බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයක පවතින බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
4
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?