රට තුළ භයානක තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් – ශ්‍රීලනිපයෙන් යෝජනා දහයක්

අද වන විට උද්ගත වී ඇති ජනතා විරෝධය අනුව තවදුරටත් බලයේ රැඳී සිටීමේ දේශපාලනික හෝ සදාචාරාත්මක යුක්ති යුක්ත අයිතියක් වත්මන් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ජනතා විරෝධය තේරුම් නොගෙන තවදුරටත් කටයුතු කරන්නේ නම් රට තුළ ඉතා භයානක තත්ත්වයක් උද්ගතවීමට ඉඩකඩක් පවතින බවයි හිටපු ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකිවයුතු සියලු පාර්ශවයන් වෙත යෝජනා 10ක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනා දහය පහතින්..

  1. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය.
  2. ජනාධිපතිවරයකු පත් කරගන්නා තෙක් කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කරගත යුතුය.
  3. යෝජිත සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව ස්ථාපනය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සමන්විත වන ජාතික විධායක සභාවක් හෝ නායකත්ව මණ්ඩලයක් ස්ථාපනය කළ යුතුය.
  4. එම ජාතික විධායක සභාවේ හෝ නායකත්ව මණ්ඩලයේ හා ක්‍රියාකාරී සිවිල් ක්‍රියාකාරීන්, විද්වතුන්, වෘත්තිකයන්ගේ එකඟතාවයෙන් යුක්තව ජනාධිපති හා අගමැති පත් කරගත යුතුය.
  5. රට අර්බුදයට පෙර තිබූ තත්ත්වය කරා ගෙනයෑම සඳහා අත්‍යවශ්‍ය හා ඉලක්ක ගත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සීමිත විෂය පථයන් සංඛ්‍යාවකින් සමන්විත අර්බුද කළමනාකරණ කැබිනට් මණ්ඩලයක් පත් කර ගත යුතුය.
  6. අර්බුද කළමනාකරණ කැබිනට් මණ්ඩලයේ විෂය ක්‍රියාවට නැගීමේදී විද්වතුන්, වෘත්තිකයින්, සිවිල් ක්‍රියාකාරීන් ජනමත නායකයින්ගෙන් සමන්විත ජාතික උපදේශක සභාවක් ඒ ඒ අමාත්‍යාංශ අනුබද්ධිතව පිහිටවිය යුතුය.
  7. අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ඉහත ක්‍රියාකාරී හා උපදේශන යාන්ත්‍රණයන්ගෙන් සමන්විතව ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, අත්‍යවශ්‍ය සේවා, සමාජ සුභසාධනය හා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල, හා සමාජ දේශපාලනික ප්‍රතිසංස්කරන/ප්‍රතීයාන්ත්‍රීකරණ එළඹුම් ඉලක්ක කරගත් ඒකාබද්ධ කළමනාකරණ වැඩපිළිවෙලක් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.
  8. නොපමාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය ප්‍රශස්ත සංශෝධනය සහිතව යළි සම්මත කිරීම කළ යුතුය.
  9. රට අර්බුදයට පෙර තිබූ තත්ත්වය කරා පත් කළ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කරගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට උදාකළ යුතුය.
  10. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම, හා ශ්‍රී ලංකාව දියුණු දේශයක් කිරීම සඳහා අවශ්‍ය නෛතික, ව්‍යවස්ථාමය පදනම ගොඩනැගීමටත්, සමාජ දේශපාලනික ප්‍රතියාන්ත්‍රීකරණයන් ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය ව්‍යුහාත්මක පරිවර්තනයන් කිරීමටත්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය එම නව රජයේ ප්‍රමුඛ කාර්යය විය යුතුය.
  1. ගෝටා වටේ හිටියෙත් උගතුන් තමයි.ගමේ ඉන්නව රට ගැන දැක්මක් ඇති අය.උගත්තු මේ රටට කරපු දේ අල්පයි.අනික මුන් එලවීම අරගලයේ කොටසයි.අරගලයේ කොටසක් සාර්ථකයි.සමහරවිට නිවැරදි තීරන,නිවැරදි අය අතට බලය නොගියොත් රට මිලේච්ඡත්වයට යන්නත් පුලුවන්….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39